මේ වසර සඳහා නම් කළ ‘හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට’ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය ඇතුළත් කර ඇත.
ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන ‘Agoda’ වෙබ් අඩවිය විසින් හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ පිහිටි නුවරඑළිය ඇතුළත් කර ඇත.
ලෝකයේ විශාලතම සංචාරක වෙබ් අඩවි අතරින් එකක් වන ‘Agoda’ වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පිහිටි නුවරඑළිය හඳුන්වාදී ඇත්තේ, “පුංචි එංගලන්තය” ලෙසයි.
තේ වතු සහ ඓතිහාසික ගොඩනැගිලි ගවේෂණය කරන අතරතුර සන්සුන් භූ දර්ශන මධ්‍යයේ විවේක ගැනීමට කැමති අමුත්තන් ආකර්ෂණය කර ගැනීමට කඳුකර ස්ථානය අඛණ්ඩව කටයුතු කරන බව Agoda වෙබ් අඩවිය සඳහන් කරයි.
නුවරඑලිය සිසිල් දේශගුණය, යටත් විජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය සහ දර්ශනීය නිවාඩු නිකේතන සොයන සංචාරකයින් සඳහා ගමනාන්තයේ ආකර්ෂණය ඉස්මතු කරන බවද Agoda වෙබ් අඩවිය සඳහන් කරයි.
ආසියාවේ නැරඹිය යුතුම කඳුකර ස්ථාන ලැයිස්තුවේ ඉන්දියාවේ ෂිම්ලා ඉහළින්ම සිටින අතර දෙවන ස්ථානයට ශ්‍රී ලංකාවේ නුවරඑලිය පත්ව ඇත.

