By unusuma.lk on
(LK time)පසුගිය 2024 වසරේදී ලාංකිකයන් දන් දුන් ඇස් වලින් දෙස් විදෙස් අන්ධ පුද්ගලයන් 4,638කට ලෝකය දකින්නට වරම් හිමි වූ බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සදහන් කරයි.
ලෝකයේ රටවල් 57ක නගර 115ක අන්ධ පුද්ගලයන් 3,163කට සහ මෙරට පුද්ගලයන් 1,475කට දන් දුන් ඇස් වලින් පෙනීම ලබාදී තිබෙන බව එම සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජගත් එස්. මාතර ආරච්චි සදහන් කරයි.
කෙන්යාව, පාකිස්තානය, යේමනය සහ ඊජිප්තුවට වැඩි වශයෙන් ඇස් ලබාදී තිබෙන බවත් ලාංකිකයන් 7144ක් පසුගිය වසරේදී ඇස් දන් දුන් බවද කළමනාකරු ජගත් එස්. මාතර ආරච්චි සදහන් කරයි.
ඇස් 1,025ක් අක්ෂි වෛද්‍යවරුන්ගේ පුහුණු වීම් සදහා ලබාදී තිබෙන බවත් ඇස් දන්දීම සදහා මෙරට පරිත්‍යාගශීලීන් 2,23,000ක් ලියාපදිංචිය ලබාගෙන සිටින බවද ජ්‍යෙෂ්ඨ කළමනාකරු සදහන් කරයි.
එලෙස පරිත්‍යාග කෙරෙන එක් ඇසක් සංරක්ෂණය සදහා රුපියල් 25,000ක් පමණ වැය කෙරෙන බවත් 2024 වසරේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම 2300ක් සිදු කළ බවද ජ්‍යෙෂ්ඨ කළමනාකරු සදහන් කරයි.