By unusuma.lk on
(LK time)ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ පවසන්නේ පසුගිය සතියේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මේ වනවිට ගුවන් හමුදාපති වෙත භාර දී ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් 26 වන දා ත්‍රිකුණාමලය, සමුද්‍රාගම ධීවර ගම්මානයේ ධීවරයින් පිරිසකට මුහුදේ පාවෙමින් තිබියදී මෙම ඩ්‍රෝන යානය හමුවිය.
කමිටුවේ අවසන් වාර්තාවට අනුව එය සති දෙකක් පමණ මුහුදේ පාවෙමින් තිබී ඇති අතර මෙම ඩ්‍රෝන යානය කිලෝමීටර් 59ක් දුරින් තිබීයදී සොයා ගෙන ඇත.
මෙම ඩ්‍රෝන යානය ඉන්දියානු සමාගමකට අයත් පුහුණුවීම් සඳහා යොදාගත් එකක් බව අනාවරණය වී ඇති බවත් එහි අයිතිකරුවන් සොයා නැවතත් එය භාරදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ඩ්‍රෝන යානය හමුවීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකිරීමේ සැළසුමක් පවතින බවට විශාල කතාබහක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විවිධ ක්‍රියාකාරීන්ගෙන් නැඟුනු අතර එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව මේ වනවිට තහවුරු වී ඇත.