ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම යළි දිවයිනට.!

පසුගියදා මියන්මාරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට ලක් වූ එරට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ හදිසි සහන මෙහෙයුම සාර්ථකව නිම කිරීමෙන් පසු ඒ සඳහා විශේෂයෙන් යොදවනු ලැබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම අද (26) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් යළි මව් බිමට ළගා වූහ.

බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලකගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම දිවයිනට ළගා වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂකයේ අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් නසීර් මජීඩ් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, මෙම අවස්ථාවට එක් වූහ.

මෙම මස මුලදී මියන්මාරයට බලපෑ විනාශකාරී භූමිකම්පා අවස්ථාවේදී, ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය අප්‍රේල් (05) වන දින මෙම විශේෂ ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම මියන්මාරය බලා පිටත් වූහ.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබූ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සහයෝගීතාවයෙන් ඊට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.

ඔවුන් මියන්මාරය වෙත ළඟා වූ දිනයේදීම, යැන්ගොන් සිට කිලෝමීටර් 450 කට ආසන්න දුරකින් පිහිටි නේ පි ටෝ (Nay Pyi Taw) පළාතේ සහන සේවාවන් සඳහා ඔවුන් අනුයුක්ත කරනු ලැබූහ. එහිදී, ඔවුන් භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශයක් වන පොබ්බා තිරි (Pobba Thiri) නගරයේ ආපදා සහන සේවා කටයුතු ආරම්භ කළහ.

ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම් එරට පළාත් පාලන ආයතන සමඟ එක්ව කටයුතු කරමින්, කඩිනමින් ජංගම වෛද්‍ය සායන ස්ථාපිත කරනු ලැබූ අතර, අවතැන් වූ ජනතාව අතුරින් හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පැවති තත්වයේ කඩිනම් තක්සේරු කිරීමක් සිදු කරනු ලැබූහ. මෙම වෛද්‍ය මෙහෙයුම් ඔස්සේ විශේෂයෙන් එරට වාණිජ අමාත්‍යාංග සංකීර්ණය, ලැට් ලොක් ටවුන් පාගෝඩා (Lat Lok Toun Pagoda) සහ ම ෂිඛානා (Mashikhana) ආරාමය යන ස්ථාන වල ස්ථාපිත තාවකාලික අවතැන් කඳවුරුවල සිටින ජනතාව වෙත තුවාල වලට ප්‍රතිකාර කිරීම, රෝග පැතිරීම වැළැක්වීම මෙන්ම, කාන්තාවන් හා ළමුන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලට සහාය වීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ලදී.

අප රටේ හමුදා සාමාජිකයන්ගේ නොසැලෙන කැපවීම ඔවුන් විසින් දැක්වූ ශාරීරික සෞඛ්‍ය හා මානසික සහයෝගයට අමතරව ජනතාව වෙත දක්වනු ලැබූ සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ද මනාව පිළිබිඹු වූ අතර, ඒ ඔස්සේ කම්පනයට පත් ප්‍රජාව සුවපත් කිරීමේ ක්‍රියාවලියටද, මහත් පිටුවහලක් විය. මියන්මාර රජයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රජය විසින් සිදුකල මෙම කාලෝචිත මැදිහත්වීම දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ සහ අන්‍යොන්‍ය ගෞරවයේ සංකේතයක් ලෙස පිළිගනිමින් ප්‍රශංසා කළහ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments