By unusuma.lk on
(LK time)රුපියල් කෝටි 280ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා 03ක් සදහා බදු කුලී වශයෙන් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.
ගුවන් යානා තුනක් 2013 වර්ෂයේ ඔක්තෝබර් (29) දින සිට පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයේදී භාවිතයෙන් බැහැරව ඇති අතර එම කාලය තුළ බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය 2023 වසරේ මාර්තු (31) දිනට අලාභය රුපියල් කෝටි 59960ක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.