ඉන්ධන මිල හමුවේ ත්‍රිරෝද ගාස්තු ගැන තීරණයක්.!

අද (01) දිනයේ සිට ඉන්ධන මිල ගණන් අඩු වුවද ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට නොහැකි බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර සදහන් කරයි.

සභාපති ලලිත් ධර්මසේකර සදහන් කළේ,

“පෙට්‍රල් ලීටරයෙන්ම රුපියල් 10යි අඩුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් අපි තියාගන්නේ නැතුව රුපියල් 10ම දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ.

මේ වෙද්දිත් ගාස්තු නිර්ණයක් නැතුව හිතූ හිතූ ගණන් අයකරන ත්‍රිරෝද රථ ලංකාව පුරාම තියෙනවා. ඒ නිසා ශත 50ක් රුපියල් 10ක් අඩු කරත් උත්තරය ඒක නෙමෙයි. වඩාත් ඵලදායි විශ්වාසවන්ත ත්‍රිරෝද රථ සේවයක් ඇති කිරීම තමා අපේ පළමු අරමුණ. මේ රු 10ක් අඩු කිරීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩුකිරීමක් සිද්ධ වෙන්නේ නෑ.”

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපති ලලිත් ධර්මසේකර මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments