By unusuma.lk on [last-modified] (LK time)
බ්‍රිතාන්‍යයේදී ටිල්වින් සිල්වා LTTE හිතවාදීන්ගේ විරෝධතාවලට මුහුණ දෙයි
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා බ්‍රිතාන්‍යයේ සිදු කළ සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී LTTE (Liberation Tigers of Tamil Eelam) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී ඇති බව වාර්තා වේ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවීම සහ ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ටිල්වින් සිල්වා මහතා එක්සත් රාජධානිය වෙත සංචාරයක නිරත විය.
ජාතික ජන බලවේගයේ (NPP) ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී මෙම සිදුවීම වාර්තා වී ඇත.
විරෝධතාකරුවන්ගේ පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ






