ටිරාන් අදත් CIDයට කැඳවයි.. වැලිගම නඩුව කනපිට හැරෙන ලකුණු.!

අද (31) දෙවන දිනටත් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුල්වූ වැලිගම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමටයි.

2023 වසරේ වැලිගම ප්‍රදේශයේ W15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමකදී පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

ඒම නීති කෘත්‍ය අතරතුර අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා කියා සිටියේ, ප්‍රශ්නගත සිදුවීමට අදාළව පොලිස්පති දේශබන්දු නැමැත්තාට උඩින් යම් දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් සිටිනවානම් ඒ පිළිබඳ විමර්ශනය කර අත්අඩංගුවට ගතයුතු බවය.

මෙවැනි පසුබිමක වැලිගම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.45ට පමණ ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments