වඩාගෙන යෑම අවසන්.. නි.ඇමති දුම්රිය ලොක්කෝ පොලොවේ ගසයි.!

අද (17) දිනයේ ක්‍රියාත්මක වන දුම්රිය වැඩ වර්ජනයට හේතුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වසර 6ක් පුරා නොවිසඳුනු වෘතීය ගැටළුවක් බවත් රජයක් ලෙස වරින්වර මැදිහත්ව ඊට අදාල උපදෙස් ලබාදීම් සිදුකළද දුම්රිය පරිපාලනයේ ඇති බරපතල අකාර්‍යක්ෂමතාව හේතුවෙන් මේ වනතෙක් ඊට නිසි විසඳුම් ලැබී නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

කෙසේවෙතත් එම ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් අතර මූලික ගැටළුවක්ව පවතින නව පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන විශේෂ කැබිනට් මණ්ඩල සංදේශයක් හරහා පසුගිය ජනවාරියේම ලබාදීමට රජය කටයුතු කර ඇතත් මෙතෙක් එම බඳවා ගැනීම් සිදුකිරීමට දුම්රිය පරිපාලනය අසමත්වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

සියළුම රාජ්‍ය සේවකයන්ගේ වෘතීය අයිතිවාසිකම් වෙනුවෙන් රජය පෙනී සිටිනා නමුත් මහජනතාව ඇපයට තබා ගනිමින් සිදුකරන මෙවන් අත්තනෝමතික වර්ජනයන්ට එරෙහිව රජයක් ලෙස ඒ සමඟ ගැටෙනා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමන්ම ජනාධිපතිවරයාද දැනුම්දී ඇති පරිදි මෙතෙක් වඩාගෙන ගිය නිලධාරීන් බිමින් තැබීමට වහාම කටයුතු කරනා බවත් නි.අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය සේවය තුළ සිටිනා අකාර්‍යක්ෂම නිළධාරීන්ට ලබාදුන් සහන කාලය අවසන්ව ඇති බැවින් ඊට අදාල ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවත් නි.අමාත්‍යවරයා පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments