අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට අනතුරු ඇඟවා ඇත.
චීනය විසින් ඉරානයට යුද සහයෝගය ලබාදුන හොත් ඔවුන්ට 50%ක තීරු බද්දකට මුහුණදීමට සිදුවනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.
චීනය ඉරානයට ‘Shoulder Missiles’ ගුවන් යානා නාශක මිසයිලය වැනි යුද සහායන් ලබාදෙන බවට තොරතුරු වාර්තා වන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
‘MANPAD’ ලෙසින් හඳුන්වන උරහිසේ තබා එල්ල කරන ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය ඉරානයට ලබාදීමට චීනයේ සූදානමක් ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
කෙසේ නමුත් තම බුද්ධි අංශ පවා එවැනි සැලසුමක් ඇති බවට පෙන්වා දී තිබියදීත්, චීනය එසේ නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

