By unusuma.lk on
(LK time)සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වූ හිටපු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බවයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 45151ක් ලබා සිව්වෙනි ස්ථානයට පත් තමා පාර්ලිමේන්තුවට තේරී පත් නොවූවද තමා ලබාගත් මනාප ප්‍රමාණය පිළිබඳ සලකා බැලූ කළ සතුටට පත්විය හැකි බවත් තමා වැඩිම මනාප හිමිකරගත් සජබ මන්ත්‍රීවරුන් 10 දෙනා අතර රැඳී සිටිනා බවත් හෙතෙම පවසයි.
අවස්ථාවක් නොලැබුනොතින් පක්ෂය අතහැර යනවාදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ ” සජබ හැරදා යන්න තැනක් නෑ.. මාලිගා කුඩේ කුඩු වෙලා තියෙන්නේ.. ජීවිතේ හැරදා යන්න තමයි වෙන්නේ”
එමෙන්ම තුෂාර ඉඳුනිල් මහතා පවසන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිඛිත පොරොන්දුවක් මෙන්ම ඕනෑම කොන්දේසියකට එකඟ වන බවද විපක්ෂ නායකවරයාට යැවූ ලිපියේ සඳහන් කළ බවයි.