පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට පැමිණ ඇත.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් නයිමට් සයීද් ඛාන් කටයුතු කරයි.
‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් නදීර් මටීන් අෆ්රිඩි කටයුතු කරයි.
ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

