මම හොරකම්, මැරකම් කරලා නෑ.. මාව අත්අඩංගුවට ගන්න බෑ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු හෙළිකරමින් රචිත ග්‍රන්ථය මාර්තු (31) වැනිදා එළිදැක්වීම වැළැක්වීමට මාර්තු (27) වැනි දින තමාව සිරගත කිරීමට උත්සාහ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල සඳහන් කරයි.

තමාගේ ග්‍රන්ථය එළියට එන එක නතර කිරීමට ආණ්ඩුව මාර්තු (27) වනදා තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

තමාව හය වතාවක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බවත් තමන් හොරකම්, මැරකම්, සල්ලාලකම් කරලා නැති බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

“නලින්ද ජයතිස්ස ඇමතිතුමනි පුළුවන්නම් මාර්තු (27) මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියලා මම ඔබතුමාට අභියෝග කරනවා.”

ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් උදය ගම්මන්පිල මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments