ජනපති අනුර ගෙදර යවන්න නම්.. මාව පාර්ලිමේන්තු යවන්න.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර පැවැත්වූ විශේෂ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙවන මාධ්‍ය හමුව අතරතුරදී පැවසූවේ අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරා පත්කර යැවුවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගයක් කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටු කිරීමට සැදී පැහැදී සිටිනා බවයි.

අද (28) පෙරවරුවේ කොළඹදී පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ කමිටු වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ජාතියෙන් සමාව ගෙන දේශද්‍රෝහී රවී සෙනෙවිරත්න ඉවත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තවමත් පවතින බවත් එය නොකළ හොත් පමණක් දෝෂාභියෝගය ඉදිරිපත් කරන බවත්ය.

එමෙන්ම තමා විසින් මින් ඉහතදී රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදුර්දීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කරමින් තම හැකියාව ප්‍රදර්ශනය කර ඇති බවත් තමන් පාර්ලිමේන්තුවට නොයැවුවද සර්වජන බලය පක්ෂය විසින් නිසැකවම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කරනු ඇති බවද අවධාරණය කළේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය භාරව සිටින්නේ ලොකුම චූදිතයෙක් බවත් අනුර කුමරු රජ වූ පමණින් කෝමාවෙන් හෝ කොමාවෙන් හදිසියේ නැගිට උදය ගම්මන්පිල චෝදනා නැගීමක් නොවන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

වසර 25 ක පමණ උදය ගම්මන්පිලගේ ඉතිහාසය තුළ ආණ්ඩු සිදු කරනා වංචා දූෂණ හෙළිදරව් කිරීම් ප්‍රදර්ශනය කර ඇති බවත් ඔහු සිහිපත් කලේය.

Loading

37 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments