By unusuma.lk on
(LK time)දින 7ක් ඇතුළත පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොකොළොත් තමා සතු එම වාර්තා සමාජගත කරනා බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් අද පැවති කැබ්නිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාව අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දැක්වීය.
මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හේරත් මහතා පවසා සිටියේ එවැනි වාර්තාවක් ගම්මන්පිල මහතා සතුව තිබේනම් එය තමා සතුව සඟවාගෙන තබාගැනීමත් වරදක් බවයි.
එමෙන්ම දින තුනක් ඇතුලත එම වාර්තාව ඉදිරිපත් කරනා ලෙසත් එය ඔහු අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කරනා බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම රජයක් වශයෙන් වගකීමෙන් යුතුව මෙවනි විමර්ශයනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමා ඇතුළු කණ්ඩායම බැඳී සිටිනා බවට විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.