උණවටුන වනසන සහල් ව්‍යාපාරිකයා ගැන ජනපතිට පැමිණිලි.!

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ගේ එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයකු විසින් උණවටුන සංචාරක කලාපයේ සිදුකරනු ලබන මහා පරිමාණ අනවසර ඉදිකිරීම් වහා නතර කරදෙන ලෙසයි.

එම එකමුතුවේ සභාපති සමීර ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මෙම අනවසර ඉදිකිරීම් හේතුවෙන් උණවටුන සංචාරක පාරාදීසය රටට අහිමිවීමේ බරපතළ අවදානමක් උද්ගතව ඇති බවයි.

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයට එම ලිපිය භාරදීමෙන් ඔහු පැවසූවේ මෙම අනවසර ඉදිකිරිම් නිසා ඉදිරියේදී බරපතළ පාරිසරික ගැටලු රැසක් ඇති වීමට නියමිත බවත් මේ වනවිටත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් එහි තවත් අනවසර ඉදිකිරීම් සිදුවන බැවින් මෙම මහා පරිමාණ විනාශය නතර කර උණවටුන සංචාරක කලාපය රැකදෙන ලෙසත් ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.