By unusuma.lk on
(LK time)එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එකතු කිරීමට සමගි ජන බලවේගයේ නායකයාට අවශ්‍යතාවයක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කළේ,
“එජාපයේ පමණක් නොව සමගි ජන බලවේගයේ අයත් මා සමග මේ දිනවල කතා කරනවා.මේ පක්ෂ දෙක වෙන්වී පලක් නැති බවත් එකතු විය යුතු බවත් ජනතාවගේ අදහසයි. ඒ දේ කරන්න පුළුවන් වෙිවි යැයි මා සිතනවා.
එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ නායකතුමාට ද අවශ්‍යතාවයක් තිබෙනවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මා සමග මේ දිනවල කතා කරනවා.
එම නිසා ඒ පක්ෂ දෙක කෙසේ හෝ එකතු කර ගත යුතුයි. රටේ ජනතාවට අවශ්‍යතාවයක් තිබෙන නිසා නැවත අලියා ඉදිරියට ගත යුතු බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද පවසනවා.
මහ මැතිවරණය සදහා දිස්ත්‍රික් මට්ටමෙන් යන විටද ජනතාව අසන්නේ සිලින්ඩරයක් ගෙනවිත් තියෙන්නේ ඇයි.? අපේ අලියා කෝ.? යනුවෙනුයි. ජනතාව තුළින් එම ඉල්ලීම් ලැබෙමින් පවතිනවා. අලියාගෙන් පැමිණීම ජනතාවගේ බලාපොරොත්තුවක් බව මහා නායක ස්වාමීන් වහන්සේලාද අප සමග පැවසුවා.
තවමත් රටේ ජනතාවගේ හදවතේ “අලියා” ඉන්නවා. පක්ෂය හදනවා නම් නැවත අපි ප්රතිසංවිධාන කරගෙන ආසන සඳහා සුදුසු සංවිධායකවරුන් පත් කරගෙන වෘත්තීය සමිති ගොඩනගා සියල්ල ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා.
එමෙන්ම අපට තව මැතිවරණයකට මුහුණ දෙන්නට වේවි. ඒ පළාත් පාලන මැතිවරණයයි. ඒ මැතිවරණයට මුහුණ දීම සඳහා එක්වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.”
බියගම ආසනයේ පාක්ෂිකයින් පිරිසක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව සදහන් කරයි.