හඬා වැටෙන්න අවශ්‍ය නෑ.. ආණ්ඩුව ලෑස්තියි.. වී මිල ගැන ජනපති කියයි.!

ආයේ කවදාකවත් තමන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකිණීමට ඉඩ දෙන්නේ නැති බවත් කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් නැවත මතු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“ගබඩා මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ගබඩා අපි ප්‍රතිසංස්කරණය කළා. මිලදී ගන්න වැඩපිළිවෙළ හැදුවා, ඒ කඩා වැටුණු ගබඩා ප්‍රතිසංස්කරණය කරන්න සල්ලි වෙන් කළා. ආරම්භක පියවරක් හැටියට වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට කෝටි 500ක් දුන්නා.

සතොස තවත් වී මිලදී ගන්න සැලැස්ම හැදුවා. අපි කියුවා මීට වඩා අඩුවට දෙනවානම් අපිට දෙන්න ඊට වඩා වැඩියෙන් දෙනවානම් කමක් නෑ හැබැයි හාල් වැඩියෙන් දෙන්න බෑ. ඒකටත් අපි දාලා තියෙන්නේ පාලන මිලක්.

අඩුවට යන හැම වී ඇටයක්ම ආණ්ඩුව මිලදී ගන්නවා. තවදුරටත් ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න විකුණගන්න බැහැ කියලා අස්වැන්න කුණු කොල්ලයට ගියා කියලා හඬා වැටෙන්න අවශ්‍ය නෑ. ආණ්ඩුව ලෑස්තියි මිල ස්ථාවර කර ගැනීම සඳහා මැදිහත් වෙන්න.

වී මිල බැස්සොත් අපි ගන්නවා. ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි. ආණ්ඩුව අරන් ගොඩගහගන්න ඕන කමක් නෑ. අපිට ඕනේ ගොවියාට සාධාරණ මිලකට වී මිල ස්ථාවරව තියන්න. ඒ සැලැස්ම සාර්ථක වෙලා තියෙන්නේ.”

පොළොන්නරුවේදී පැවැති ජන රැළියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments