Vape වලට තහනමක්.!

වර්තමානය වනවිට ලොස රටවල් විශාල සංඛ්‍යාවක් ඉලෙක්ට්‍රොනික සිගරට් තහනම් කර ඇති නමුත් සියලුම වෙළඳසැල්, සේවා ස්ථාන සහ අනෙකුත් කුඩා සිල්ලර වෙළෙන්දන් හරහා ඉලෙක්ට්‍රොනික සිගරට් විකිණීම තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු රජය පමණයි.

ඔස්ට්‍රේලියානු රජය විසින් නිකොටින් සහිත වාෂ්ප හෙවත් ඉලෙක්ට්‍රොනික සිගරට් ඖෂධ සැල් මගින් විකිණීමේදී නව සීමා පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (01) සිට ඉලෙක්ට්‍රොනික සිගරට් මිලදී ගැනීමේදී ඖෂධවේදියෙකු වෙත බලයලත් වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් නිර්දේශයක් ඉදිරිපත් කිරීම අනිවාර්‍යය වනවා. 

එමෙන්ම අදින් පසුව ඕස්ට්‍රේලියාව තුල ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන්නන්ට රස තේරීම් තුනක් පමණක් අලෙවි කෙරෙනා අතර එය මින්ට්, මෙන්තෝල් සහ දුම්කොළ රසට සීමා කර ඇත. 

ආකර්ෂණීය ලෙස විවිධ රසයන් සමගින් එන ඉලෙක්ට්‍රොනික සිගරට්හි අවසානය කුඩා දරුවන් නිකොටින්වලට ඇබ්බැහි කරවීම බවත්, එම උපක්‍රමය අවහිර කිරීමට කටයුතු කරනා බවත් ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close