By unusuma.lk on
(LK time)වැට් බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අප්‍රේල් මස (11) වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවත් ඒ සඳහා නැවුම් කිරි අවම වශයෙන් 50%ක් අඩංගු විය යුතු බවද එම දෙපාර්තමේතුව සඳහන් කරයි.
දියර කිරි සහ යෝගට්වලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද එකතු කළ අගය මත බදු සංශෝධන නව පනතට අනුව අනේවාසික පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමට එම දෙපාර්තමේතුව තීරණය කර ඇත.
ඔක්තෝබර් මස (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර ඇති බව තවදුරටත් සඳහන් කරයි.