By unusuma.lk on
(LK time)පිරිපහදු පොල් තෙල් ආනයනකරුවන් රුපියල් කෝටි 5,000ක වැට් බදු ගෙවා නැතැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික සිල්වා චෝදනා කරයි.
මෙම එක් ආනයනකරුවකු පසුගිය රජය සමයේ සීනි ආනයනය කරන ලද කන්ටේනරයක සඟවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා ඇති බවත් ආන්දෝලනාත්මක සීනි බදු වංචාවට පවා මොහු සම්බන්ධ බවද ඔහු සදහන් කරයි.
මෙම පිරිපහසු නොකළ හා පිරිපහදු කළ පොල් තෙල් ආනයන කරුවන් අතර තිදෙනෙකු සිටින බවත් විවිධ නම් වලින් පවත්වා ගෙන යන ආයතන 6ක් ඔවුන් සතු බවත් පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝ මිලියන 39,000ක් රටට ගෙනැවිත් ඇති බවද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් ආනයනකරුවන්ට ලබාදී ඇති බදු සහන හේතුවෙන් පිරිසිදු දේශීය පොල් තෙල් කම්හල් 98%ක් පමණ දැනට වැසී ගොස් කර්මාන්තයේ යෙදී සිටි ලක්ෂ 4ක් පාරට වැටී ඇතැයිද ඔහු තවදුරටත් සදහන් කරයි.