ජනතාවට සුබ ආරංචියක්.. සාධාරණ මුදලකට හොද වාහනයක්.!

මෙරටට වාහන ආනයනය 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට අනිවාර්යෙන්ම ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සදහන් කරයි.

නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදුකිරීම සදහා ඉදිරියේදි ජනාධිපති අනුර කුමාර දිසානායකය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සදහන් කරයි.

ඒ අනුව හොඳ වාහනයක් ජනතාවට සාධාරණ මුදලකට ලබාදීමට හැකි බවත් වාහන ආනයනය ප්‍රකෘති කිරීමට කරුණු කිහිපයක් තිබෙන බවද සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සදහන් කරයි.

සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සදහන් කළේ,

“පෙබරවාරි සිට අනිවාර්ය වශයෙන් අපිට වාහන ආනයනය කරන්න පුළුවන් වෙනවා. මොකද මේ රජය ප්‍රතිපත්තියක් ලෙස වාහන ආනයනය කරන්න දෙනවා කියලා අපිට වචනයක් දීලා තියෙනවා. අපි ලෑස්තියි වාහන ගෙන්වන්න.

ඒ වගේම හොඳ වාහනයක් ජනතාවට සාධාරණ මුදලකට දෙන්න මේ මගින් ලැබෙනවා. වාහන ආනයනය ප්‍රකෘති කිරීමට කරුණු කිහිපයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත්කළා වාහන ආනයනයට ප්‍රතිපත්තියක් සකස් කිරීමට.

ජාතික ප්‍රතිපත්තියක් ඇතිකිරීම වාහන වලින් පටන් ගත්තා. ඒක හොඳ දෙයක්. පෙබරවාරි වල සිට වාහන ගෙන්වනවා නම් මහ බැංකුවෙන් ඒ මුදල් වෙන්කරලා දෙන්න කැමැති වෙලා තියෙනවා.

ඒ වගේම IMF එකත්  වාහන ගෙන්වීම සඳහා අනුමැතියක් ලබාදීලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න වාහන ආනයනකරුවන් 600ක් පමණ අවුරුදු 04ක් තිස්සේ අසරණවෙලා. මේ ඉන්න වෙළෙන්ඳන්ටත් සාධාරණයක් විය යුතුයි.”

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මේ බව සදහන් කරයි

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.