By unusuma.lk on
(LK time)නීත්‍යනුකූල නොවන ආකාරයට රේගු බදු නොගෙවා ආනයනය කර ඇති වාහන 6,000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා ධාවනයේ පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සදහන් කරයි.
එම වාහන ව්‍යාජ ලියකියවිලි උපයෝගී කරගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවද සදහන් කරයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අල්ලා ගත් වාහන විමර්ශනය සදහා රේගුවට භාරදී ඇති බවත් එම වාහනවලට අදාළ රේගු බදු හා වෙනත් බදු අය කරගන්නා ලෙසට රේගුවට උපදෙස් ලබාදී ඇත.
නිසි පරිදි තීරු බදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති වාහන පිළිබඳව ගැනුම්කරුවන්ට තොරතුරු ලබා ගැනීම සදහා මාර්ගගත ක්‍රමයක් සකස් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් රේගුවට උපදෙස් ලබාදී ඇත.