ආනයනය ඇරඹීමෙන් පසු වාහන මිල ගණන් වල අපේක්ෂා නොකළ තත්වයක්.!

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට වාහන ආනයනය සම්බන්ධ නව බදු ප්‍රතිපාදන හා රෙගුලාසි හඳුන්වාදීමත් සමඟ, වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව වාහන ආනයනකරුවන් පෙන්වා දෙයි.

මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වන්නේ එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යාම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (VAT) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Tax) වැඩි වීම යන කරුණුයි.

බදු වැඩිවීම හා එහි බලපෑම

  • එන්ජින් ධාරිතාව 1000cc ට වඩා අඩු පෙට්‍රල් වාහන: මීට පෙර රුපියල් ලක්ෂ 20 ක් පමණ වූ බදු මුදලක් අය කළ ද, වැඩි වී ඇති බදු ප්‍රතිශත හේතුවෙන් එම මුදල ලක්ෂ 33-35 දක්වා වැඩි විය හැකි බවට වාහන ආනයනකරුවන් පුරෝකථනය කරයි.

  • එන්ජින් ධාරිතාව 1000cc ට වඩා වැඩි වාහන: මෙම වාහන සඳහා අය කෙරෙන බදු මුදල් ලක්ෂ 15 න් පමණ වැඩි විය හැකි බවට ද ඔවුහු පවසති.

  • සුඛෝපභෝගී බද්ද: මීට පෙර සුඛෝපභෝගී බද්ද අය කරනු ලැබුවේ එන්ජින් ධාරිතාව 2000cc සහ 2500cc ඉක්ම වන වාහන සඳහා වුවද, නව රෙගුලාසි යටතේ එන්ජින් ධාරිතාව 1500cc ට වැඩි වාහන සඳහා ද එම බද්ද අය කිරීමට ඉඩ ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.

වාහන ආනයනය සම්බන්ධ නව රෙගුලාසි

  • වාහන ආනයනකරුවන් රටට ගෙන්වන වාහන මාස තුනක් ඇතුළත විකිණිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත.

  • එසේ විකිණීමට නොහැකි වුවහොත්, වාහනයේ වටිනාකම මත මාසිකව සියයට 3 සිට සියයට 46 දක්වා දඩයක් ගෙවීමට වාහන ආනයනකරුවන්ට සිදු වේ.

  • වාහන තොගයෙන් සියයට 25 කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර නැතිනම්, එවැනි වාහන ආනයනකරුවන් සඳහා වසර තුනක ආනයන තහනමක් පැනවේ.

  • මෙම සියලු හේතු මත, වාහන වෙළෙඳ පොළ යළි විවෘත කළ ද, ගෙන්වන වාහන ප්‍රමාණය අඩු වීමේ අවදානමක් පවතින අතර, වාහන මිල ගණන් 45% කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරති.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.