ජනවාරියෙන් පසු සියල්ල අවසන්.. නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්.!

මහනුවර ජාතික රෝහලේ පැවති සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසූවේ ලබන වසරේ ජනවාරි මාසය වනවිට මහජනතාවට ඖෂධ සම්බන්ධයෙන් පවතින සියළුම ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදෙන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඖෂධ හිඟ වීමත් ඒ පිළිබඳ කතාබහට ලක්වීමත් එකම තැනකින් මෙහෙයවන කටයුත්තක් බවයි.

ඖෂධයක් ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ ඒ සඳහා මාස 9ක පමණ කාලයක් ගතවන බවත්, එතෙක් රට තුළ ඖෂධ හිඟයක් මතු නොවීමට රජය වගබලා ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රට තුළ ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වන අතර 2026 වසරේ ජනවාරි මාසය වන විට එම සියළු ගැටළු නිරාකරණය කරනා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සහතික විය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.