ඇමති විජිත වතිකානුව බලා පිටත්ව යයි.!

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වතිකානය බලා පිටත්ව ගියේය.

අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානයකින් අමාත්‍යවරයා අබුඩාබි ගුවන්තොටුපොළ වෙත ගොස් එතැන් සිට තවත් ගුවන්යානයකින් වතිකානය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

මීට අමතරව ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ද වතිකානය බලා පිටත්ව ගියහ.

මෙරට කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වනු ඇත.

මේ අතර පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන හෙට (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments