බැසිල් සාහසික පාවාදීමකට හසු වෙයි.. විමල් රජයේ ශාක්ෂිය වීමට සැරසෙයි.!

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (03) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) හමුවට පැමිණ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නීතිවිරෝධීව උපයාගෙන ඇතැයි කියනා වත්කම් කිහිපයක් සම්බන්ධයෙන් ශාක්ෂි ඉදිරිපත් කළේය.

මින් පෙර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් අතරතුර සිදු කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ සිටි නමුත් ඔහුට ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී නොමැති බවද පැවසීය.

ඔහුගේ නීති සහයකයා ලෙස නීතීඥ උදය ගම්මන්පිල මහතා පෙනී සිටියේය.

ප්‍රකාශ ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරවංශ මහතා පැවසූවේ, බැසිල් රාජපක්ෂ විසින් උපයාගෙන ඇති අයථා වත්කම් වලින් තමා ඉතා අල්ප ප්‍රමාණයක ශාක්ෂි ඉදිරිපත් කළ නමුත් එහි වටිනාකම ඉතා විශාල බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ආණ්ඩුව හාල්මැස්සන් ඇල්ලීමට උත්සාහ නොකර මෙවැනි තෝර මෝරුන් ඇල්ලීමට කටයුතු කළයුතු බවයි.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.