By unusuma.lk on
(LK time)ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති අයථා වත්කම් නඩුව ලබන ජූලි 15දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (29) නියම කළේය.
විමල් වීරවංශ මහතා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර 5ක කාලයක් තුළදී සිය වැටුපෙන් හා අනෙක් ඉපැයීම්වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍යවරයාට මෙම නඩුව පවරනු ලැබුවේ 2015 යහ පාලන ආණ්ඩුව විසිනි.
කෙසේවෙතත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ ඊයේ (29) මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින විත්තිකරු අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.