ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, ඉතාම වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමුවී ඇති බවයි.
මෙම වෛරස ප්‍රභේදය ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී හමුවී ඇති බවත් එම වෛරස ප්‍රභේදය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
පෝලියෝ වෛරස ප්‍රභේදය “VDPV2” ලෙස හඳුනා ගෙන ඇති අතර පසුගිය මස ඛාන් යුනිස් සහ ඩෙයා අල්-බලා යන ස්ථාන වලින් ලබාගත් සාම්පල 6ක තිබී එම ප්‍රභේදය හමුවූ බවද එම සංවිධානය සදහන් කරයි.