ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන්ගේ ශ්‍රී ලංකා දෙදින නිල සංචාරයේ පූර්ව සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
එම නිල සංචාරයේදී ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
තවද මේ වනවිට අවසන් කර ඇති ඉන්දීය ආධාර ව්‍යාපෘති සහ ඉදිරියේදී ඇරඹීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

