By unusuma.lk on
(LK time)පසුගියදා වැලිකඩ පොලිස් සිර මැදිරිය තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයෑමේ සිද්ධිය මත වැලිකඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් කර ඇත.
වැඩ බලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.
එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයාට අමතරව රාජකාරිය පැහැර හරින ලද බවට නිරීක්‍ෂණය වූ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ ද වැඩ තහනම් කර ඇත.
ඉකුත් 1 වැනිදා රාත්‍රියේදී නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහු රෝහල් ගත කළ අතර පසුව තරුණයා ජීවිතක්ෂයට පත් විය.
වැඩ බලන පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙසයි.
