රණවිරුවන්ගේ ගැටලු වලට කඩිනම් විසඳුම්.!

මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබ සාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබදව සොයා බැලීමට පත් කළ මණ්ඩලයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් (26) දින ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.

එකී ගැටළු සම්බන්ධව පසුගියදා පැවැත් වූ සාකච්ඡාවකදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පිහිටුවනු ලැබූ මෙම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් – ආරක්ෂක, නම් කරන ලද අතර, රණවිරු සේවා අධිකාරියෙහි සභාපති, රණවිරු සුභසාධනය හා සම්බන්ධ ත්‍රිවිධ හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයන්හි අදාල අධ්‍යක්‍ෂවරුන් සහ අනෙකුත් අදාල ක්ෂේත්‍රයන්හි ප්‍රධාන නිලධාරීන් ද ඊට ඇතුළත් වූහ.

දිවිපිදු රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් මුහුණ දෙන දිගු කාලින ගැටළු නිසි ක්‍රම වේදයක් ඔස්සේ හඳුනා ගැනීමත්, පසුගිය කාලසීමාව පුරාවට නොවිසඳුණු අවශ්‍යතා සහ ගැටලු වලට වඩාත් ප්‍රයෝගික මෙන්ම කඩිනම් විසඳුම් ලබා දීමත් යන කරුණු පිලිබඳව පැවති සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ඒ අනුව, ව්‍යුහගත සහ අන්තර් සහයෝගී ක්‍රියාවලියක් මගින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබ සාධනය සහතික කිරීමටත්, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩාත් ඵලදායී විසඳුම් ලබාදීමටත් හැකි වනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.