කාලගුණය කැළඹෙයි.. පවුල් දහස් ගණනක් පීඩාවට.!

මේ දිනවල පවතින වැසි තත්ත්වය තුළ දිස්ත්‍රික්ක 05ක් සදහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගත්තේය‍.

ඒ අනුව ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සදහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඇද හැළුණු අධික වර්ෂාපතනය හමුවේ මේ වනවිට දිවයින පුරා පිහිටි ජලාශ කිහිපයක වාන් දෙරටු කිහිපයක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments