මේ දිනවල රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළදී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කරයි.
මේ වනවිට එවැනි ජල කප්පාදුවක් මණ්ඩලය මඟින් සිදු නොකළද රටේ පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී දිනය පුරා ජල සැපයුම ලබාදීම අසීරු වන බවද සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කරයි.
මේ වනවිට අඹතලේ ඇතුළු ජල පවිත්‍රාගාර වල නිෂ්පාදන ධාරිතාවයට බලපෑම් එල්ල නොවූණද උස්බිම් සඳහා ජලය ලබාදීම අඩුපීඩන තත්ත්වයකට පැමිණ ඇති බවද ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කරයි.
වැසි තත්ත්වය ඉදිරියේදී බලාපොරොත්තු වන බැවින් රටේ පවතින ජල ධාරිතාවය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙස ඉංජිනේරු චන්දන බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි.
මේ වනවිට අඩුපීඩනයක් යටතේ ජලය ලැබෙන ප්‍රදේශ සඳහා බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවද ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් මේ බව කරයි.

