ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක්.!

හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇත.

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවා ඇත.

හෙට (19) උදෑසන 6.00ට පෙර ජල සැපයුම යථාතත්ත්වයට පත්කිරීමට අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments