රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බලයි.!

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබ සාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය පිළිබද සොයා බැලීම සදහා වන සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට එක් විය. ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – ආරක්ෂක, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.

අදාළ ගැටළු විසඳීම සදහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සදහා කැප වූ මණ්ඩලයක් පත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් දුන්නේය. මෙම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අතිරේක ලේකම් – ආරක්ෂක නම් කරන ලද අතර, රණවිරු සේවා අධිකාරියෙහි සභාපතිවරයා, අදාළ ත්‍රිවිධ හමුදා අධ්‍යක්ෂ මණ්ඩලවල අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් අදාල ක්ෂේත්‍රයන්හි ප්‍රධාන නිලධාරීන් ද ඊට ඇතුළත් වේ.

රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ අවශ්‍යතා සහ ගැටලු නිසි ලෙස හඳුනා ගැනීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර, හදුනාගනු ලබන ගැටළු සදහා ක්ෂණික විසඳුම් ලබාදීම මෙම මණ්ඩලයට පැවරී ඇත.

ව්‍යුහගත සහ සහයෝගී ප්‍රවේශයක් තුළින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුඛ සාධනය සහතික කිරීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා ඵලදායී ලෙස විසඳීම සදහා වන රජයේ කැපවීම මෙම මුලපිරීම මගින් අවධාරණය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.