By unusuma.lk on
(LK time)ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත්තේ ආත්ම ආරක්ෂාව සඳහා ලබාදී ඇති ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන සඳුදාට (07) පෙර බාරදීමට කටයුතු කරනා ලෙසයි.
ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ගිනි අවි සහ පතුරම් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත එම ගිනි අවි ලබාදීමට කටයුතු කරනා බවයි.
කෙසේවෙතත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දේපළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බවයි.