රටේම ජනතාවට Whatsapp භාවිතය ගැන අනතුරු ඇඟවීමක්.!

දිවයින පුරා Whatsapp භාවිතා කරන පුද්ගලයින්ගේ ගිණුම් වලට අනවසරයෙන් ඇතුළුවී සිදුකරන මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් මූල්‍ය වංචා පිළිබඳව තවමත් පැමිණිලි ලැබෙන ‌බව ශ්‍රී ලංකා පරිගණක ‌හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ සදහන් කරයි.

සිය දුරකතනනයට පැමිණෙන කිසිම කේතයක් තෙවැනි පාර්ශ්වයකට ලබා නොදෙන ‌ලෙස නැවත වරක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා පරිගණක ‌හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ සදහන් කරයි.

එම හැකර්කරුවන් Whatsapp කණ්ඩායම් වලට සම්බන්ධ වී සූක්ෂමව එහි පරිශීලකයන් නිරීක්ෂණය කර ඔවුන්ගේ ගිණුම් ඇප් හැක් කරන බවත් හැක් කරන Whatsapp ගිණුම්වල ඇති දුරකතන අංකවලට හදිසි අවස්ථාවක් බව ‌පවසා මුදල් බැර කරන ලෙස හැකර්කරුවන් පණිවුඩ යවන බවද සදහන් කරයි.

ඔවුන් ආගමික වැඩසටහනක් සදහා, ත්‍යාගයක් දිනා ගැනීමට, අධ්‍යාපනික වැඩසටහනක් සදහා සහභාගී වීමට වැනි ඒ ඒ පරිශීලකයන් අදාළ වන අයුරින් හේතු පවසමින් සූම් රැස්වීමකට සහභාගී කරවා ගැනීමට දුරකතනයට ලැබුණු කේතය ලබාදෙන ලෙස හැකර්කරුවන් ඉල්ලා සිටින බවද සදහන් කරයි.

එහෙත් සැබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ සූම් රැස්වීමකට සම්බන්ධ කරවා ගැනීමේ කේතය නොව හැකර්කරුවන්ට Whatsapp ගිණුමට ඇතුළු වීමට අවශ්‍ය කේතය බවත් ඉල්ලා සිටින ‌කේතය ලබා දුන්හොත් සිය Whatsapp ගිණුමේ පාලනය හැකර්කරුවන්ට ලැබෙන ‌බවද සදහන් කරයි.

Whatsapp හි පාලනය ලබා ගැනීමෙන් පසුව එම ගිණුමේ ඇති අංකවලට නොයෙකුත් ආකාරයේ හේතු පවසමින් මුදල් ඉල්ලා හැකර්කරුවන් පණිවුඩ යවන බවත් එවැනි පණිවුඩයක් ලැබුණහොත් ප්‍රථමයෙන් එම Whatsapp ගිණුම අයිති පුද්ගලයා අමතා එය තහවුරු කරගත යුතු බවද සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමකින් තොරව කිසිදු පණිවුඩයකට මුදල් බැර කිරීම සිදු නොකළ යුතු අතර මේ පිළිබඳ කෙතරම් දැනුවත් කළත් තවමත් එම වංචාවලට හසුවන ශ්‍රී ලාංකිකයන් සිටින බවද ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.