By unusuma.lk on
(LK time)පසුගිය රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් මගින් පැහැරගත් පුද්ගලයින් මරා එම මළසිරුරු කිඹුලන්ට කන්න දැමු කතාව සත්‍යයක් ලෙස තහවුරු වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කරයි.
තොරතුරු වසන් කිරීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරට පත් නිලධාරියෙකු සම්බන්ධ වී ඇති බවද රාජිත සේනාරත්න සදහන් කරයි.
පසුගිය යහපාලන සමයේ සිදුකළ අපරාධ පරීක්ෂණ අඩාල වුයේ ඇතැම් අයගේ අනවශ්‍ය කලබලය නිසා බවත් එවක පොලිස් අපරාධ කොට්ටාශය භාරව සිටි ප්‍රධාන නිලධාරියාද දුෂිත ක්‍රමවේදය තුළ කටයුතු කිරීම හේතුවෙන් එම පරීක්ෂණ සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් නිර්මාණය වූ බවද සදහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව සදහන් කරයි.