By unusuma.lk on
(LK time)පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ 122 වන මධ්‍ය නිලධාරී පාඨමාලාවේ සහ 30 වන කෙටි සේවා නිලධාරී පාඨමාලාවේ විසිරයාමේ හා අධිකාරියට පත් කිරීමේ පෙළපාලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මධ්‍ය නිලධාරී විමුක්ති තෙන්නකෝන් එම පාඨමාලාවේ දක්ෂතම නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමිකර ගැනීම වෙනුවෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සමග පැමිණි මධ්‍ය නිලධාරී තෙන්නකෝන් ආරක්ෂක ලේකම්වරයා විසින් අද (07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි ආරක්ෂක අමාත්‍යාංශයේ දී උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මෙම හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මෙම නිලධාරියාගේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ප්‍රශංසා කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාර්ථක වෘත්තීය ජීවිතයක් සදහා ද සුභ පැතුම් පළ කළේය.