ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය (WHO South-East Asia Regional office) සංවිධානය කරනු ලබන “ලෝක සෞඛ්‍ය දිනය – 2026” සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගී වීමට නියමිතය.
මෙවර කලාපීය සැමරුම ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අතර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව වන්නේ “සෞඛ්‍ය සඳහා එක්වෙමු. විද්‍යාව සමඟ නැගී සිටිමු” (Together for health. Stand with science) යන්නයි.
මෙවර සැමරුමේ මූලික අරමුණ වන්නේ මානව සෞඛ්‍යය සුරැකීම සඳහා විද්‍යාත්මක සොයාගැනීම් සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කිරීමයි.
මෙහිදී මිනිසුන්ගේ පමණක් නොව සතුන්, ශාඛ සහ සමස්ත පද්ධතියේම සෞඛ්‍යය එකිනෙකට බැඳී පවතින බව පවසන “ඒකීය සෞඛ්‍ය (One Health)” ප්‍රවේශය කෙරෙහි ලෝකයේම අවධානය යොමු කර ඇත.

