By unusuma.lk on
(LK time)ඊශ්‍රායලය විසින් යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල කළ අතර එම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus ගුවන් යානයකට යාමට සූදානම් වෙමින් සිටි ඇත.
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරය එල්ල වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා යේමනයේ සානා අගනුවර ගුවන් යානයකට ගොඩ වීමට බලා සිටි අතර එම ප්‍රහාරයක් එල්ල වූ විට එක්සත් ජාතීන්ගේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තුවාල ලබා තොටු පොළේ සිටි තවත් තිදෙනකු මිය ගියේය.
මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සදහන් කළේ, තමන් සහ එක්සත් ජාතීන්ගේ සගයන් යේමනයේ ප්‍රධාන ගුවන් තොටුපොළේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කරන විට “මරණයෙන් බේරුණේ යන්තමින්” බවයි.
යේමනයේ හවුති කැරලිකරුවන් සහ ඉරානය භාවිතා කරන යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව සදහන් කරයි.
මෙම ප්‍රහාරය වන අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සානා ගුවන් තොටුපොළේ සිටි බව තමන් නොදැන සිටි බවද ඊශ්‍රායල හමුදාව තවදුරටත් සදහන් කරයි.