By unusuma.lk on
(LK time)එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් මහතා සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ ශ්‍රී ලංකා – එක්සත් ජනපද ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්.
එක්සත් ජනපද නාවික හමුදාවේ තරු 4 අද්මිරාල්වරයකු සහ එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරිවරයෙකු වන වන අද්මිරාල් ස්ටීව් කේලර් මහතා 2021 න් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළම මට්ටමේ හමුදා නිළධාරියාද වෙයි.
මෙම සංචාරයේ අද්මිරාල් කේලර් මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන ආරක්ෂක අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුම්වත් වීම, ආපදා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික තර්ජනවලට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා වන එක්සත් ජනපදයේ ඇති කැපවීම නැවත තහවුරු කිරීමට මෙන්ම එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.