ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රභලයෙක් සහ ජනපති අතර සාකච්ඡාවක්.!

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර මාර්ගගත තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව එම නිවේදනයේ සඳහන්.

එහිදී නව රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර සමානතාවයක් පවතින බව මෙහිදී අදහස් දක්වමින් සමන්තා පවර් මහත්මිය පවසා ඇති අතර ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා පූර්ණ සහය ලබාදෙන බවද සමන්තා පවර් මහත්මිය අවධාරණය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.