By unusuma.lk on
(LK time)වසර 20කට වැඩි කාලයක් බංගලාදේශය පාලනය කළ ඒකාධිපතියෙකු ලෙස සැළකෙනා පසුගිය මහජන විරෝධතා හේතුවෙන් ඉන්දියාවට පලා ගොස් සිටිනා හිටපු අගමැතිනි ෂීක් හසීනා ඇතුළු තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
77 හැවිරිදි හසීනා බංග්ලාදේශයෙන් පලා ගිය පසු මේ වනතෙක් ප්‍රසිද්ධියේ පෙනී ස්නිට්. ඇයගේ අවසන් නිල ස්ථානය ඉන්දියාවේ දිල්ලි අගනුවර අසල පිහිටි ගුවන් හමුදා කඳවුරක් බව වාර්තා වෙයි.
පසුගිය බංග්ලාදේශ අරගල සමයේ සිය ගණනක් මිය ගිය පෙළපාලි අතරතුර සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වලට නායකත්වය ලබාදීම මත හසීනා බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICT) ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කර ඇත.
ඇය අත්අඩංගුවට ගෙන නොවැම්බර් 18 වැනිදා උසාවියට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත්කර ඇති බව සඳහන්.
එමෙන්ම මේ වනවිට රටින් පැන ගොස් සිටිනා රජයේ හිටපු අමාත්‍යවරුන් අත්අඩංගුවට ගැනීම සඳහාත් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වෙයි.