හදිසියේම කොටි නැඟිටියි.. නාමල් කුමාර පෙරට එයි.!

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස පෙනී සිටි නාමල් කුමාර නැමැත්තා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිල්ලක් සිදුකළ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවතක සඳහන්වන ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදුකළ බවයි.

ඔහු පවසන්නේ පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් “එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” නමින් පිහිටවූ නව පක්ෂයට එල්.ටී.ටී ඩයස්පෝරා ව්‍යාපාරික අශයේ ප්‍රධානියෙකු සමඟ සම්බන්ධතාවක් පවතින බවයි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් ඇති බව පවසමින් එවකට මාධ්‍ය අවධානය ලබාගත් මොහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණුව ලබන අතර වාරයේ පළා ගිය පුද්ගලයකු බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකු වන නාමල් කුමාර නැමැත්තා දීර්ඝ නිහැඬියාවකින් පසු නැවතත් ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණක් හුවා දක්වමින් කරළියට පැමිණ තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.