ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක මරමස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක්.. ඇමරිකාව අනතුරු අඟවයි.! [Breaking News]

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇති බවයි.

එම බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක්ද පනවා ඇත.

එමෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments