සිරකරුවන් දනගස්වා ගිනි අවි නාටක පෙන්වූ නඩුවට අදාළව ලොහාන් රත්වත්තේ අධිකරණයට කැඳවයි..!

අනුරාධපුර බන්ධනාගාරයට කඩා වැදී ද්‍රවිඩ ජාතික සිරකරුවන් කිහිපදෙනෙකු බලහත්කාරයෙන් ඉවතට ගෙන දන ගස්වා ගිනි අවි තබා තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට අදාළව කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද අනුරාධපුර අධිකරණයේ පෙනී සිටියේය.

නීතිපතිවරයා විසින් ගොනුකළ මෙම නඩුවේ විත්තියට එරෙහි කරුණු දැක්වීම සඳහා ශාක්ෂිකරුවන් දෙදෙනෙකුද අද අධිකරණයේ පෙනී සිටියේය.

කරුණු විමසා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නඩුව 2025 ජනවාරි මස 30 වැනිදා නැවත කැඳවීමටයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments