කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයා රිමාන්ඩ්

කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු දිනිඳු සමරසිංහ මහතා ලබා දුන් නියෝගයක් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයා ලබන 22 වනදා දක්වා අද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළවයි.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් බිරිඳක් විසින් කුලියාපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිදුකළ පැමිණිල්ලක් අනුව ඔහු අදාළ පැමිණිල්ල කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත යොමු කර තිබූ අතර අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සදහා එම පුද්ගලයා සහ අදාළ කාන්තාව කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත කැඳවා තිබුණි.

එම විමර්ශන නිසි අයුරින් සිදු නොවුන බවට චෝදනා කරමින් අදාළ කාන්තාව විසින් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණ අදාළ කාන්තාවගේ සැමියාට පහරදි ඇති බව වාර්තා විය. 

පසුව පහර කෑමට ලක් වූ අදාළ සැමියා කුරුණෑගල රෝහලට ඇතුළත් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් කුලියාපිටිය අධිකරණයට ද කරුණු වාර්තා කර තිබුණි. 

ඒ අනුව සැකකාර මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා මීට පෙර පොලීසියට නියෝග කළේය.

අනතුරුව පුද්ගලිකව මෙම නඩුව තමන් ඉදිරියේ කැඳවීම නුසුදුසු බව පෙන්වා දෙමින් සැකකරු දිසා විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබෙනවා. 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.