දිවයිනම කැළඹු කුණාටුවේ අලුත්ම තත්ත්වය.!

දිවයිනේ දිස්ත්‍රික්ක 24ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 227කට අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇති අතර ඒ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 12ක් මියගොස් තවත් එක් අයෙක් අතුරුදන්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

මේ වනවිට පවුල් 120,534කට අයත් පුද්ගලයන් 401,707ක් ආපදා බලපෑමට ලක්ව සිටින අතර දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 345ක් මේ වනවිට ඉදිකර ඇති බවත් එහි පවුල් 11,663කට අයත් පුද්ගලයන් 36,330ක් රැඳී සිටින බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

තවත් පවුල් 28,324කට අයත් පුද්ගලයන් 94,134 දෙනෙකු ඥති නිවාසවල සිටින බවත් මරණ අතරින් වැඩිම පිරිසක් නැගෙනහිර පළාතේ සිදුව ඇති අතර 8 දෙනෙකුම අම්පාර දිස්ත්‍රික්කයේ වන අතර බදුල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය හා වව්නියාව දිස්ත්‍රික්කවල එක් මරණය බැගින් වාර්තා වී ඇත.

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බවත් එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇදහැලෙන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.